පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙන් ජීවිත තර්ජන තිබියදී පවා එළියට ගියේ වෙනසක් අපෙක්ෂාවෙන් බවත්, එම වෙනස සිදු නොවන්නේ නම් මේ රජයෙන්ද එළියට බැසීමට දෙපාරක් හිතනනේ නැති බව බස්නාහිර පළාත් මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.
සිය ෆේස් බුක් ගිණුමෙන් විශේෂ ප්‍රකාශක් කරමින් ඇය සඳහන් කරනේනේ එස්.බී. දිසානායක මහතාට කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමට තමන් සම්පූර්ණ වශයෙන්ම විරුද්ධ බවයි.
එසේම මෙවර අමාත්‍යධුර හිමිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමට මහන්සි වී වැඩකළ අය බවද ඇය කියයි.
කාන්තාවන්ට ගරු නොකරන අයෙක් පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බවත්, එවැනි පුද්ගලයන්ට අමාත්‍යධුර වැනි ගෞරවාන්විත තනතුරු පිරිනොනැමිය යුතු බවත් අැය පෙන්වා දෙයි.
තමන් පක්ෂයේ තීරණ ගන්නා කමිටුව නියෝජනය කරයිනම් බොහෝ පුද්ගලයින් මේ වන විට සිටින්නේ හිර ගෙදර බවත් අය කියයි.