ජනාධිපතිවරණයේදී තම සහාය ජනපති මහින්ද රාජපක්ෂ ලබාදෙන බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ අද (03දා) අවධාරණය කළහ.
'සැබෑ හෙළ උරුමයේ මතය' යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේධානන්ද හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.