මේක ඓතිහාසික කටයුත්තක් - චන්ද්‍රිකා
පොදු අපේකෂකට සහාය දැක්වුවත් කිසිම තනතුරක් අපෙක්ෂා නොකරන බව හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහතා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවටක එක්වෙමින් පැවැසීය.
මේ එහිදී ඇය දැක්වූ අදහස්.
ප්රභාකරන් මාව මරන්න හැදුවේ රට දෙකඩ කරන්න.
විධායක ජනපතිධුරය අහෝසි කරන්න විපක්ෂයෙන් උදව් ලැබුණේ නෑ.
සියලු දෙනාටම එළියට එන්න අවස්ථාව ඇවිල්ලා.
සත්‍ය පමණයි අපේ ශක්තිය. අපි ජනපති සටනට බහිනවා.
අපේ ජීවිත අනතුරේ. මෙගේ සියලු වරප්‍රසාද අහිමිකරලා තියෙනවා. දරුවෝ විර්ද්ධයි. නමුත් රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. එළියට බැස්සාම ජිවිත තර්ජනවලට මුහුණ දෙන්න සිදුවෙයි. නොයෙක් බාධා වෙයි.
ජනතාවට සේවයක් කරන්න මේ අයට යමක් කරන්න හැකියාවක් තියෙනවා. අපිත් සමග හැම කෙනෙක්ම එකතුවෙලා තියෙනවා. ලෝකයේ ගරු කරන රටක් බවට පත්කරන්න අවස්ථාව දේනන.
(රජිව්ගේ වාහනය භාර දෙන්නැයි නිවේදනයක්)
පළිගන්නා නායකයෙක් ඉන්නේ. ගෙවල් නැති වෙලා ඇති. ආරක්ෂාව අවසන් කරලා ඇති.
කිසිම තනතුරක් බාරගන්නේ නෑ. උදව් කරලා රට ගොඩනගනවා.
විශාල වශයෙන් ඉල්ලීමක් ආවා මට නැවත ඉල්ලන් කියලා. මම බලයට කෑදර නෑ. නැවත ජනපති ධුරයට එන්න අදහසක් නෑ.
රාජ්‍ය පාලකයෝ හිනාවෙවි අසත්‍ය ප්‍රකාශ කරමින් පාලනය කරගෙන යනවා. විරුද්ධ වුණ අයට සුදු වෑන්.
මේ තත්ත්වය ඉතාමත් භයානකයි. 17 වැනි සංශෝධනය විසික් කළා.
මිනිස්සු මට කියනවා ජිවත් වෙන්න බෑ කියලා. නීතිය බිද වැටිලා. මිනිමැරුම දූෂනය රජ වෙලා තියෙන්නේ. පොලීසිය බාල්දු කරලා.
රජයේ සේවකයන්ගේ පඩිවැඩි කළේ නෑ.
යුද්දේ දීනීම අගය කරනවා. දිනපු කෙනා හිරේ දැම්මා
මගේ චරිත කතාව ලියාගෙන යනවා.
බලයේ ඉන්න නායකයා සාමාන්‍ය පුද්ගලයෙක්ට දරාගන්න බැරි තරම් වද හින්සා කළා.
අවුරුදු 9ට පස්සේ නිහඩතාවය බිඳලා දේශපාලනයට එක්වුණා.
මම නිහඩව පක්ෂයේ කඩාවැටීම, වෙන කෙනහිළිකම් බලාගෙන හිටියා. අවුරු 9ක් බලාගෙන හිටියා.
හුග දෙනෙක් විරුද්ධ වෙද්දී මම මහින්ද ජනපතිවරයා පත්කළාට පස්සේ මාස හයකිින් මාව පැන්නුවා.
මගේ දේශපාලන ගමනට ඒම ගැන මම සතුටුවෙනවා.
මේක චෛතිහාසික කටයුත්තක්
චානක චන්ද්‍රසේකර/ චාමර සම්පත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

