මෙක්සිකොවේ ගිනිකෙළි ඇවිලී ජීවිත 31ක් දැවීයති
මෙක්සිකෝවේ ගිනිකෙළි වෙළෙඳ සැලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මෙක්සිකෝ සිටි නගරයෙන් ඔබ්බෙහි වූ සැන් පැබ්ලිටෝ ගිනිකෙළි වෙළෙඳ සැලට ගිනි ඇවිලීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ගිනිකෙළි අහසට විදෙමින් මහා විනාශයක් සිදුවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ගිනි නිවන හමුදාව, පොලීසිය හා සහන සේවකයන් විශාල පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගත් අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවද මාධ්‍ය වාර්තා පවසයි.
මෙම ප්‍රදේශය වෙත ජනතාව පැමිණීම වළක්වමින් මාර්ග කිහිපයක් වසා දමා ඇති බවද එරටින් ලැබෙන තොරතුරු පවසයි.
මෙම නගරයේ නගරාධිපතිවරයා වන එරුවිල් අවීලා පවසන්නේ මෙම ගින්නට හසුවූ බොහෝ දරුවන්ගේ ශරීර 90% ක් පමණ පිළිස්සී ඇති බවයි.
එමෙන්ම තවත් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාව වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
