මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කිරීමට රජය කටයුතු කර ඇත.
තාක්ෂණික දියුණුවත් සමග මූල්‍ය අපරාධ දිනෙන් දින සංකීර්ණ වී ඇති බවත් මීට සාර්ථකව මුහුණ දීමට විවිධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවත් රජය පවසයි.
මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේනේතුවේ කොමසාරිස් ජනරාල්, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් හා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ප්‍රතිපක්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයන්ද ඇතුළත් වන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සංයුතිය පුළුල් කර තිබේ. ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.