මුහුන්දන් කනගේ තවදුරටත් ඉක්ටා ප්‍රධාන විධායක ධුරයට
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එහි ප්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්යක්ෂ ලෙස දෙවැනි වතාවටත් මුහුන්දන් කනගේ මහතා පත්කොට තිබේ.
ඔහු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්යක්ෂ ලෙස මුලින්ම වූයේ 2015 වසරේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමගිනි. එහිදී, ඔහුට පැවරුණු වගකීම වී තිබුණේ ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම හා ව්‍යාපෘතිය සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමය.
මෙම ව්‍යාපෘතිය සැලසුම වී ඇත්තේ මෙරට ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රතිපත්ති ප්රකාශනයෙහි ඇතුලත් කිරීමත් සමගින් බව නියෝජිතායතනය පවසයි.
ඉක්ටා 2003 වසරේදී ආරම්භ කරනලද අතර එහි කටයුතු සඳහා ලෝක බැංකු ආධාර ද ලැබුණු බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

