මුහුදු මගින් සිදුකෙරෙන පුද්ගල ජාවාරම් කෙරෙහි ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත්, එය ඉතා පැහැදිලි වූවක් බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි අවධාරණය කරයි.
නීති විරෝධී පුද්ගල ජාවාරම් මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඇති සියලු මං වසා දමා ඇති බද ඇය පෙන්වා දෙයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මැල්කම් ටර්න්බුල් මහතාගේ නායකත්වය යටතේද ඔස්ට්‍රේලියාව සිය දේශසීමා ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව කැපවී සිටින බවද මහ කොමසාරිස්වරිය පවසයි.
ඒ අනුව, කොතැනක සිට පැමිණෙන අයෙකුට වුවද නීති විරෝධී ආකාරයට බෝට්ටු මගින් පැමිණෙන්නේ නම්, ඔවුන් නැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් අඛණ්ඩව කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.