මුස්ලිම්වරුන්ගේ දෙවැනි විශාලම උත්සවය වන හජ් උත්සවය දා ගවයෙකුගේ ගෙල සිදලන ඡායාරූපයක් බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මුෂ්ෆිකාර් රහීම් සිය ෆේස් බුක් ගිණුමට එක්කොට තිබුණා.
කෙසේ වෙතත් පසුව ඔහු එම ඡායාරූපය ඉවත්කර ගැනිමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඒ පිළිබඳව ෆෙස් බුක් ගිණුම හරහා පැහැදිලි කිරිමක් කිරීමටත් ඔහු අමතක නොකළා.
තම ආගම අනුව බිලිදීම වැදග් බවත් ඒ ගැන ජනතාව කුමක් සිතුවත් කම් නැති බවත් ඔහු පවසනවා. එසේම තමන් මිනිසෙකු බවත් හැම දෙනෙක්ම ආගම අනුව හැසිරෙන බවත් ඔහු පවසනවා. එම ඡායාරූපයේ ලේ තිබෙන හෙයින් එය සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කළ බවත් ඔහු පවසනවා.