මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් අද (06දා)පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වූහ.
මහනුවර, තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් වූ සභාව කල් තැබීමේ විවාදයේදී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අදහස් දක්වන අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙක්මෙම විරෝධතාවට එක් වූහ.
මහනුවර, තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇති වූ සිදුවීම්වලදී නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සභාව මැදට පැමිණ විරෝධතාවේ යෙදුණු මන්තී‍්‍රවරු සඳහන් කළහ.
කථානායකවරයා ඉදිරිපිට රතුපලස මත වාඩි වී විරෝධතාවේ නිරත වූ මන්ත්‍රීවරු සිය අසුන්වලට නොයන්නේ නම්, සභාව කල් තැබීමට සිදුවන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර, හදිසි නීතිය පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව සභානායකවරයාදඅදහස් දක්වමින් පැවසීමෙන් පසුව සුළු වේලාවක් පැවැති විරෝධතාව අවසන් කරමින් මන්ත්‍රීවරු නැවතත් සිය අසුන් කරා ගියහ.