මුලතිව්, කේපාපිලව් ඉඩම් ඉල්ලූ උපවාසයට වසරයි
මුලතිව්, කේපපිලව් ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණි වැසියන්ගෙන් ඉඩම් නොලැබුණු හෙයින් එම ඉඩම් ලබා දෙන්නැයි ඉල්ලමින් සිදුකළ උපවාසයට වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (03දා) කේපාපිලව් යුද හමුදා කඳවුර ආසන්නයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
කේපාපිලව් ප්‍රදේශයේ උපවාසයේ නිරත වැසියන් විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්දරාසා ඇතුළු පළාත් සභා මැති ඇමතිවරු පිරිසක්ද සහභාගි වී සිටියහ.
විරෝධතාවේ නිරත වූවන් කියා සිටියේ, මේ වනවිට කේපාපිලව්හි නැවත පදිංචියට පැමිණි වැසියන්ට රජය විසින් ලබා දුන් ඉඩම්වලට අමතරව තවත් පවුල් 104කට අයත් ඉඩම් අක්කර 181ක් නොලැබීම හේතුවෙන් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් යන තුරු පිළිගත හැකි විසඳුමක් නොලැබීම තුළින් එම ජනතාව දැඩි අසරණ තත්ත්වයකට මුහුණපා ඇති හෙයින් ජාත්‍යන්තරය හෝ මැදිහත් වී මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


