මෙතෙක් කල් මුලතිව් දිස්ත්රික්කයේ තාවකාලිව පවත්වාගෙන ගිය පොලිස් ස්ථානය වෙනුවට සියලු පහසුකම්වලින් යුත් පොලිස් ස්ථානයක් වෙනුවෙන් ඊයේ (20) දින
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.
මුලතිව් පොලිස් ස්ථානය සියලු පහසුකම්වලින් යුත් වර්ග මීටර 2160 ක් වන අතර, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 145.7 කි
නව පොලිස් ස්ථානය කඩිනමින් ඉදිකර මුලතිව් දිස්ත්රික්කයේ සිවිල් පරිපාලනය විධිමත්ව පවත්වා යාම මෙහි ප්රධාන අරමුණ වී ඇත.
එම අවස්ථාවට මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මිය ඇතුළු උතුරේ පොලිස් ප්රධානීන් විශාල පිරිසක් සහභාගී වූහ.