මුදලට පෙළපොත් විකුණනවාට අන්තරයෙන් විරෝධය
පාසල් පෙළපොත් නැවත මුද්‍රණය අවම කිරීම හා ජනතාවට ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳ පොළට නිකුත් කිරීම යනාදී කරුණු මුල්කර ගනිමින් වූ විරෝධතාවක් බත්තරමුල්ල 'සෙත්සිරිපාය' පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (28දා) දියත් කළ අතර, එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි මංගල මද්දුමගේ මහතා,
"මේ ආණ්ඩුව විසින් මෙම වර්ෂයේදී පෙළපොත් මුද්‍රණය කරන ප්‍රමාණය අඩු කරලා ශිෂ්‍යයන්ට පරණ පොත් කට්ටලයක් දීලා තියෙන්නේ. ඒ අතරේ අලුත් පොත් සුළු ප්‍රමාණයකුත් තියෙනවා. එතකොට පෙළපොත වෙළෙඳ පොළට දාලා තියෙනවා. වෙළෙඳ පොළෙන් දැන් පෙළපොත සල්ලිවලට ගන්න පුළුවන්. මෙච්චර කාලයක් පෙළපොතට තිබුණු අධ්‍යාත්මික වටිනාකම මිලක් නියම කිරීමෙන් නැති කරලා තියෙනවා.
පෙළපොත සල්ලි දීලා ගන්න වෙලා තියෙනවා. නිල ඇඳුමට වවුචරයක් දීලා තියෙනවා. ඊට පස්සේ පාසල්වලින් මුදල් ගන්න එක නීතිගත කරලා චක්‍රලේඛයක් ගැහුවා. එතකොට නිදහස් අධ්‍යාපනය කියලා එකක් නෑ. ළමයි දෙන්නෙක් ඉස්කෝලේ යවන ගෙදරක දෙමවුපියන්ට ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා පවතින ජීවන වියදමත් එක්ක. ජනතාව තවම මේ සම්බන්ධව සැලකිය යුතු අවදිවීමක නෑ. ඒ නිසා මේ සම්බන්ධව දිවයින පුරා සිටින ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට එරෙහිව කොළඹ දිස්ත්‍රික්කය තුළ දැවැන්ත විරෝධතාවක් දියත් කරන්න අපි සූදානමින් ඉන්නේ" යැයිද පවසා සිටියේය.
නිදර්ශනී වික්‍රමසිංහ/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










