මුතුරාජවෙළ අභය භූමියට කසළ බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය යළිත් එළැඹෙන 25දා තක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20දා) නියෝග කළේය.
මුතුරාජවෙළ අභය භූමියට කසළ දැමීම වළක්වැන්නයි වත්තල ප්‍ර දේශවාසීන් ගොනු කළ පෙත්සමකට අදාළ විභාගය අද දිනයේදි ලබාගමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.