7.45 A.M. මීරියබැද්ද වතුයායේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් තෙවැනි දිනයට අද (31දා) පෙරවරු 8.00 ට ආරමභ විය. ඒ සඳහා බැකෝ යන්ත්ර 8ක් යොදාගෙන තිබේ.
පොලීසිය හා හමුදා සාමාජිකයන්යන් මේ සඳහා එක්ව තිබේ.
මේ අතර සහන කඳවුරු සඳහා පිටින් පැමිණෙන පුද්ගයන් හේතුවෙන් එම සහන කටයුතු පව්ත්වාගෙන යාම අපහසුවී තිබේත
නාය යාම දැකබලාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන්මින් තිබෙන අතර ඒ හේතුවෙන් මාර්ගයන්හි විශාල තදබදයක් පවතී.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද දිනයේදි මෙම ප්රදේශයට යාමට නියමිතය.
මානසික ආතතියට පත්වූවන් සඳහා විශේෂ මානසික සෞඛ්යය නැංවීමේ වැඩසටහන් ක්රියාත්මක වෙයි.
මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ සිරුරු තුනක් පමණක් සොයාගෙන තිබේ.
එස්.පී. නානායක්කාර