මීරියබැද්ද නාය යාම - ජනපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක්
(UPDATE) (VIDEO) (PICTURES) 17.30P.M. මීරියබැද්ද ප්‍ර දේශයේ ඇතිවූ නාය යාම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව තමන්ට ලබාදෙන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව ආපදා තත්ත්වයට අදාළව එම ජනතාව කලින් දැනුවත් කර තිබුණේද?, යම් නොසැලකිල්ලක් සිදුවී තිබේද යන්න පිළිබඳව මේ පරීක්ෂණය හරහා සොයා බ ලන ලෙස ජනපතිවරයා පවසා තිබේ.
16.50 P.M. කොස්ලන්ද හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (29දා) සිදු වූ නායයෑමේ සිද්ධියෙන් අනාරක්ෂිත බවට පත්ව සිටින දරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් කෙටි දුරකථන අංක 1929 හරහා එම තොරතුරු ලබාදෙන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙවැනි ව්‍යසනයක් සිදු වූ අවස්ථාවකදී ළමයින් පැහැරගැනීම වැනි විවිධාකාර ළමා අපයෝජන සිදුවිය හැකි නිසා ළමයින් පිළිබඳව විශේෂ අවධානයකින් සිටින ලෙසද ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
15.02 P.M. සෝදිසි මෙහෙයුම් ක්‍රියත්මක වුවත් අද දිනයේදී මේ දක්වා කිසිඳු මලසිරුරක් හෝ තුවාල ලැබූවෙක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
1.06 P.M. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑම පිළිබඳව සොයා බැලීමට පොලිස් විමර්ශන නිලධාරීන් 50 ක් යොදවා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ප්‍රදේශය සුන්බුන් ඉවත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් 400 ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස් විමර්ශන නිලධාරීන් විසින් මියගිය පුද්ගලයන්ගේ තොරතුරු සහ මරණ සහතික නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සහ දේපළ හානි නිවාස හානි තොරතුරු රැස් කරන බවද පවසා සිටියේය.
විඩියෝ දර්ශන සනත් ඩෙස්මන්ඩ්
වැඩි විස්තර, ඡායාරූප හා විඩියෝ සඳහා
http://goo.gl/TVyyx6
12.24 P.M. මීරියබැද්ද නාය යාමෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් 75 දෙනාගේ වගකීම රජය විසින් භාර ගෙන තිබේ. ඒ අනුව ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් සියලු කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකායක් සිදුකරමින් පැවැසීය.
11.41 A.M. මීරියබැද්ද වතුයායේ නාය යාමෙන් පීඩාවට පත්වූවහන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එම ප්‍රදේශයට ගොස් තිබේ.
10.21 A.M. මීරියබැද්ද වතුයායේ පවුල් 57කට අයත් පුද්ගලයින් ආසන්න වශයෙන් 330 දෙනෙකු ජීවත්ව සිට ඇත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
10.13 A.M. කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ නාය යාම හේතුවෙන් අතුරුදන්වූ ප්‍රමාණය 192ක් බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
8.30 A.M. මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. යුද හමුදාව හා ගුවන් හමුදාව මේ සඳහා එක්ව සිටියි. ජනපතිවරයා අද දිනයේදි මෙම ස්ථානයට යාමට නියමිතය.
මේ අතර නාය යාම හේතුවෙන්කොස්ලන්ද ඔයට කිරිමැටි එකතුවීමෙන් කොස්ලන්ද ඔය සම්පූර්ණයෙන්ම භාවත කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මේ වන විට කොස්ලන්ද නගරයට බවුසර් මගින් ජයල ලබාදිම ආරම්භ වී තිබේ.
6.46 A.M. හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් පස් යට අතුරුදන්වුවන් සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම්න් පසුවුවත් පවතින වර්ෂාව හේතුවෙන් ඒ සඳහා බාධා ඇතිව තිබේ.
හමුදා සාමාජිකයන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් සිටියි. එසේම මෙම සිද්ධිය බලා ගැනීමට පැමිණෙන පිරිස් හේතුවෙන් එම ස්ථානය සඳහා යාම ඇති පටුමාර්ගය අවහිර වී තිබේ.
ආරක්ෂක අංශ පවසන්නේ තුවා ලැබූවෙකු සිටියත් ඔවුන්ව රෝහලට රැගෙන යාමට බාධා ඇති වන හෙයින් සිද්ධිය දැකබලා ගැනීමට පැමිණීමෙන් වලකින ලෙසයි. එය ඔවුන්ගේ මෙහෙයුම් සඳහා බාධාවක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මෙම නාය යාමෙන් මිය ගිය පුද්ගලයන් දස දෙනෙකුගේ සිරුරු හමුව තිබේ. පුදගයන් 150ට අධික පිරිසක් අතුරුදන්ව සිටියි.
එස්.පී. නානායක්කාර/ඉන්දික හේවාවිතාරණ/ ලුණුගල ප්‍රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

