කොස්ලන්ද මීරියබැද්දවත්තේ නායයාමට ලක්ව අවතැන් වු පවුල් 75 ක් සදහා නිවාස ඉදිකිරිමට මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීමෙන් ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 300 ක මුදලක් ලබා දී තිබේ.
ඊට අමතරව හොල්සිං සිමෙන්ති සමාගම සිමෙන්ති කොට්ට 3000 ක් පරිත්‍යාග කිරිමට පියවර ගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පෙරේදා (12දා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදි අනාවරණය කළේය.