මීරියබැද්ද මෙහෙයුම් අවසන්?
මීරියබැද්ද වතුයායේ නාය යෑමෙන් අතුරුදන්වූවන් සෙවිමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරනවාද නැත්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් හෙට (09දා) ජනපතිවරයාත් සමග සාකච්ඡාකර තිරණය කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කරයි.
අතුරුදන්වූවන්ගේ ඥාතින් හා ඇමතිවරයා අතර අද පැවැති සාකච්ඡාවකින් පසුව ඥාතීන් පවසා ඇත්තේ තවදුරටත් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් සිදුනොකර ලෙසයි.
මළ සිරුරු සොයගැනීමට අපහසුවීමත්, ඇතැම්විට ශරීර අවයව පමණක් සොයාගැනීමත් හේතුවෙන් තමන්ගේ ශෝකය තවදුරටත් වැඩිවන බව ඥාතීන් විසින් අමාත්‍යවරයාට පවසා තිබේ.
ආරක්ෂක අංශ පවසා තිබෙන්නේ විශාල පස්තට්ටුවක් ඉවත් කළත් එම පස් තවත් තැනකට රැගෙන යාමේ බාධා පවතින බවයි.
මේ සියලු කාරණා පිළිබඳව අවධානය යොමුකර ඇති අමාත්‍යවරයා ජනතාවට පවසා ඇත්තේ හෙට දිනයේදී ජනපතිවරයාත් සමග සාකච්ඡාකර මෙහෙයුම් කටයුතු පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.
එස්.පී. නානායක්කාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

