මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යෑමෙන් විපතට පත්වූ සියලුදෙනා වෙනුවෙන් නැවත නිවාස සාදා දීමේ සම්පූර්ණ වගකීම රජය භාරගන්නා බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණ සිදුකිරීමට ජනාධිපතිවරයාට, පොලිස්පතිවරයාට නියෝග කළ බවද, අසරණ වී සිටින දරුවන්ගේ සියලු වගකීම් රජය භාරගන්නා බවද කෙහෙළිය අමාත්‍යවරයා පැවසුවේ අද (31දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදීය.