මුහුණු ආවරණය සහිත ආරක්ෂක හිස් පැලදුම් පැළඳ ආ දෙදෙනෙකු විසින් අද (26දා) උදෑසන මීරිගම පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් පැහැර ගෙන ගොස් ඇති බව මීරිගම පොලීසිය පවසයි.
සැකකරුවන් පැමිණි යතුරු පැදිය පණගැන්වී නොමැති නිසා අසල තිබූ තෙල් පිරවුම් හලට පැමිණි අයෙකුට ගිනි අවි පෙන්වා ඔහුගේ යතුරු පැදිය පැහැර ගෙන ඔවුන් පළා ගොස් ඇති බවද පොලීසිය පවසයි.