මීරිගම ප්‍රා සභාවේ ලක්ෂ 35ක මුදල් ජනපතිවරණයට යොදලා?
මීරිගම ප්‍රාදේශීය සභාව නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර සභාවේ අරමුදලින් රුපියල් ලක්ෂ 35 ක අභ්‍යාස පොත් මිලදී ගෙන, පසුගිය ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුගේ ප්‍රවර්ධනය වෙනුවෙන් බෙදාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි එහි එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් විෂය භාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වා මෙම මිලදී ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම නතර කිරීමට පියවර ගන්නා ලෙස එම මන්ත්‍රීවරුන් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, පළාත් සභා හා බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාට සහ පළාත් පාලන කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.
අඩු ආදායම් ලාභී පවුල් 3500 ක දරුවන්ට පොත් බෙදාදීමට ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඉකුත් දෙසැම්බර් මාසයේ කටයුතු කරමින් සිටි බවත්, මෙම ක්‍රියාවලිය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගිය බවත් එම මන්ත්‍රීවරුන් එම ලිපියෙන් දන්වා ඇත.
මීරිගම කාන්ති
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

