මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව දැක බලා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජනතාව බොහෝ දෙනෙකු පැමිණීමෙන් ප්‍රවේශ මාර්ග අවහිර වී ඇති බව පවසන පොලීසිය ඒ හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමද ගැටලුවක් ලක්ව ඇතැයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.
විපතට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍යාධාර හා සහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට නම් විපතට පත් ප්‍රදේශය නැරඹීමට නොපැමිණෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් පවසයි.