මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධිය පිළිබඳව විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ඉදිරියේදි ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. ජපාන අග්රාමාත්යවරයාගේ මැදිහත්විම මත මෙම තාක්ෂණික කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණෙයි. එසේම විපතට පත් ජනතාවට සිය සුපුරුදු ජීවන තත්ත්වයට පැමිණීම සඳහා ජාපානයේ පූර්ණ සහයෝගය දෙන බවත් ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා පවසයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට විශේෂ පණිවිඩයක් ඊයේ (15දා) ලබාදෙමින් ජපාන අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කර ඇත. එසේම කුණු කන්ද නාය යෑමෙන් විපටත් පත්වූ ජනතාව වෙනුවේන සංවේගය ප්රකාශ කරන බවද ජපාන අග්රාමාත්යවරයා සිය පණිවිඩයෙන් ප්රකාශ කර තිබේ.