මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් අවතැන්ව සිටින තරුණියන් වෙනුවෙන් බොදා දුන් තිසර පට වල ජෙලි වැනි ද්‍රව්‍යයක් හා පෙති වර්ගයක් තිබීම පිළිබඳව හෙළ බොදු සවිය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
ගෝලීය සමාජයන් කුඩා ජනකොටස් ලෝකයෙන් ඉවත් කිරීම සඳහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ලෝකයේ අඩුවෙන්ම වර්ධනය වන සිංහල ජනකොටසටද එවැනි බලපෑම් ඇති බව ඔවුන්ගේ ලිපියේ සඳහන් වෙයි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් එහෙයින් මේ පිළිබඳවදැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔවුන් සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.