මීටියාගොඩ ව්‍යපාරික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයට ඉදිරිපත් කල සැකකරු ලබන 19 දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස බලපිටිය මහේත්ත්‍රාත් රජීන්ද් ජයසූරිය මෙනෙවිය ඊයේ (13දා) නියෝග කළාය.
එසේ රිමාන්ඞ්භාරයට පත් කරන ලද්දේ මීටියාගොඩ තානායම් හන්දිය ප්‍රදේශයේ පදිංචි බෙන්තර මල්ලවආරච්චි රොහාන් මංජු නැමැත්තෙකි.
සැකකරු මෙම ඝාතනයන් සිදු කිරීමට ආධාර අනුබල දී ඇති බවට පොලිසිය මෙතෙක් කල පරීක්ෂණ අනුව හෙළි වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇත්කඳුරේ ජනක්ද සිල්වා