මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිහකට වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායකයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම අංශයකටම අයත් පිරිස් මේ අතර ඇති බවද වාර්තා වේ.
මේ පිරිස අතර, වෛද්‍යවරුන් දස දෙනෙකුට පමණ ද ඩෙංගු උණ රෝගය වැලඳී තිබෙන බව ද වාර්තා වේ. මේ අතර මීගමුව දිසා මහ රෝහලේ, ඩෙංගු රෝගීන් 800 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි.
මීගමුව කාදීර් ඛාන්