මීගමුවේදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් එකම අවස්ථාවකදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් වටලා තිබේ.
ඊයේ (15දා) සවස 12.30ට පමණ වැටලීම සිදුකර ඇත. එහිදි එක් ස්ථානයක සැකකාරියන් පස් දෙනෙකු හා කළමනාකරුද, අනෙක් ස්ථානයේ සැකකාරියන් දෙදෙනෙකු හා කළමනාකාරිනියන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.