පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් පැවතිය හැකි බවත්, සමහර ස්ථානවල, විශේෂයෙන්ම බස්නාහිර සහ සමරගමුව පළාත්වල මිලි මීටර් 100 පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි සහ තද සුළං පිළිබඳ විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය කර තිබේ.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.