මිහින්තලේ රජයේ රෝහලේ ඖෂධාලය කඩා එහි තිබූ ඖෂධ සොරාගෙන ගොස් ඇති බවට රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා කළ පැමිණිල්ලක් මත මිහින්තලේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය අද (10දා) පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බාහිර රෝගී අංශය ආසන්නයේ පිහිටි ඖෂධාල දෙකෙන් එක් ඖෂධාල කවුළුවක් ඊයේ අලුයම 2.30 ත් 3.30 ත් අතර කාලයේදී කඩාදමා, ඇතුළු වී මානසික ආබාධ සහිත රෝගීන්ට නිකුත් කරන ඖෂධ වර්ගයක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය තහවුරු කරගෙන තිබුණි. එහෙත් කොපමණ ඖෂධ ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත්දැයි යන්න ඊයේ දහවල් වන තුරුත් තහවුරු කරගෙන නොතිබුණි.