ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනෙකු මිරිහාන පොලිස් රැඳවුම් කඳවුරේ සිටියදී අතුරුදන් වීමෙන් පසුව ඊයේ (10) සවස ඉන් සැකකරුවන් 5 දෙනෙකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට පේසාලෙයි පොලීසිය පවසයි.
මන්නාරම් පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පේසාලෙයි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැලසුම්සහගතව සිදුකරන සෝදිසියකදී සැකකාර ඉන්දීය ජාතිකයන් හත්දෙනාගෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ අනෙක් සැකකරුවන් දෙදෙනා මුහුදු මගින් ඉන්දියාවට පැන ගිය බවටත් තමන් එදින රාත්‍රියේ ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පැන යාමට සැලසුම් කොට තිබූ බවත්ය.
කෙසේ වෙතත් සැකකාර ඉන්දීය ජාතිකයන්ගේ තොරතුරුවලට අනුව ඊයේ (10දා) රාත්‍රියේම ඉන්දීය ජාතිකයන් පස්දෙනාට පැනයාමට උපකාර කළ බවට සැක කෙරෙන තලෙයිමන්නාරම්හි පදිංචි මෙරට ධීවරයෙකුද අත්අඩංගුවට ගත් බවට පෙසාලෙයි පොලීසිය පවසයි.