මිරිස්ස අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම තාවකාලිකව නවත්වන්න
මිරිස්ස වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම ලෙස දකිනා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගතයුතු බවත්, එයට මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්රයත්නය කෙරෙහි සාකච්ඡා මාර්ගයකට පිවිසිය යුතු බවත් අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නැවත වරක් සඳහන් කරයි.
පසුගියදා මිරිස්ස ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියට අදාළව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“අනවසර ඉදිකිරීම් තිබිය නොහැකි අතර, රජයේ සැලසුම් හා පුළුල් ප්‍රතිපත්තිවලට ඒවා අනර්ථකාරී බව නීතියෙන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි බව සියලු දෙනා දන්නා කරුණක්.
මිරිස්ස ප්‍රදේශයේ දිළිඳු ජනතාවට එක්වරම ස්වකීය ජීවිකාව අහිමි නොකරන බවට වගබලා ගන්නා බවට මා ප්‍රකාශ කිරීම තුළින් කිසිදු අවස්ථාවක මම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය අවතක්සේරු කිරීමට හෝ පැහැර හැරීමට කිසි විටෙකත් කටයුතු නොකෙළෙමි.
ප්‍රථම පියවරක් ලෙස අනවසර ඉදිකිරීම් ලෙස දකිනා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගතයුතු අතර, එයට මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්රයත්නය කෙරෙහි සාකච්ඡා මාර්ගයකට පිවිසිය යුතු වන්නේය.” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


