මීරියබැද්දේ නාය යාමෙන් විපතට පත්වූවන් සඳහා පිසූ ආහාර ලබාදීමට නතර කිරීමට තිරණය කිරිමත් සමග අවතැන්වූ ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඔවුන්ට පිසූ ආහාර ලබා දීම නවතා වියළි ආහාර ලබාදීමට සහන කණ්ඩායම් තීරණය කර තිබේ.
නමුත් ජනතාව පවසන්නේ තමන්ට පිසූ ආහාර ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් ජනතාවට ආහාර පිස ගැනිමට අවශ්‍ය සියලුම දෑ සහන කණ්ඩායම් වලින් ලබා දී තිබෙන බව අප වාර්තාකරවන් සඳහන් කළේය.
මීරයබැද්ද නාය යාම සිදුවී හෙටට (29දාට) මසක් සපිරේ.
එස්.පි. නානායක්කාර