අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 146 දක්වාත්, අතුරුදන් වූ සංඛ්‍යාව 112ක් දක්වත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එසේම තුවාල ලැබූ සංඛ්‍යාව 52කි.
අවතැන් පවුල් සංඛ්‍යාව 114124ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 442299කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. කලුතර මරණ 43කි.
නිවාස පූර්ණ හානි 230ක් හා අර්ධ හානි 1701කි. වැඩිම පිරිසක් අවතැන්නව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වෙන අතර පවුල් 36314කට අයත් පුද්ගලයින් 142149ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් අවතැන්ව සිටියි.