මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන ලෙස මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය පැවසීය.
අද (14 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සුකී මහත්මිය අතර චීනයේ පැවැති සාකච්ඡාවකදී ඇය මෙම ඉල්ලීම ඉල්ලීය.
මෙහිදී අදහස් දැක්වූ සුකී මහත්මිවය පැවැසුවේ මියන්මාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ශක්තිමත් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් එහි ස්ථාපිත කිරීම බවයි.
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව ලබා දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් මියන්මාරයේ සංචාරයක් සඳහා සහභාගී කරවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙහිදී අවුන් සාන් සුකී මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.