මියගිය සිය විශේෂ අවශ්‍යතා සහිත පුතුගේ සිරුර දින තුනක් තිස්සේ නිවසේ තබාගෙන එය තුරුලු කරගෙන සිටි මවක පිළිබඳ පුවතක් නෙළුව, දෙල්ලව ප්‍රදේශයෙන් වාර්තා වේ.
නෙළුව, දෙල්ලව පදිංචි ඇලිබඩ ගමගේ මධුසංඛ (17) නමැති විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ජීවිතක්ෂයට පත් තරුණයා සිය මව සහ පියා සමග මෙම නිවසේ ජීවත්ව සිට අතර, පියා කුලී වැඩ කරමින් මෙම පවුල නඩත්තු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
වාර්තා වන පරිදි එම පියා තම රැකියාව සඳහා ගමෙන් පිටව නැවත නිවසට පැමිණ ඇත්තේ දින 2-3කටපමණ පසුවය. එසේ පිටව ගොස් සිටි අවස්ථාවක විශේෂ අවශ්‍යතා සහිත පුතු හදිසියේ මියගොස් ඇත.
පියා නිවසට පැමිණි අවස්ථාවේදී නිවස තුළින් දුඟදක් වහනය වී ඇති අතර,ඒ ගැන සොයා බැලීමේදී නිවසේ කාමරයේ මියගිය පුතා සමග බිරිඳ නිදාගෙන සිටින අයුරු දැක තිබේ. ඉන් අනතුරුව ඔහු ඒ සම්බන්ධව නෙළුව පොලීසියට දැනුම් දීමෙන් පසු මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.
නෙළුව පියරත්න ජයවික්‍රම