අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය එක් ධීවරයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි මුදල් ලබාදෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ධීවරයන් තිදෙනෙකු මියගොස් පස්දෙනෙකු අතුරුදන්ව සිටින බවද අද (30දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
අතුරුදන් වූ ධීවරයන් සොයා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.