මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වූ කොස්තාපල් චමින්ද අබේවික්‍රම මහතා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
මීට අමතරව අවමංගල කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව මේ මස 13 වැනිදා මාරවිල පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.
මියගිය නිලධාරී වසර 15ක සේවය කර තිබෙන අතර, එම නිලධාරියා 112 වතාවක් ප්‍රසංසාවට ලක්ව තිබේ.