කොළඹ දිස්ත්රික්කයේ දෙමටගොඩ, වැලිකඩ, මිරිහාන පොලිස් බල ප්ර‘දේශවලින් හමු වූ අබිරහස් ලෙස ඝාතනය වූ බවට සැකකරන පුද්ගලයන්ගේ සිරුරු කොටස් පිළිබඳව සහ එලෙස ඝාතනයට ලක්වී සිටින පුද්ගලයන් කවුරුන්දැයි හඳුනාගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මීට අමතරව එම බල ප්ර‘දේශවල ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද පොලිස් මාර්ග බාධක සහ පොලිස් ජංගම මුර සංචාර ප්රමාණයද ඉහළ දමා තිබේ.
ආරක්ෂාව තරකිරීමට අමතරව අදාළ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් තුනක්ද යොදවා සිටියි. එයින් මිරිහාන පොලිස් කණ්ඩායම එම ප්ර‘දේශීය බල ප්රදේශයේ සිටින සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර, වැලිකඩ සහ දෙමටගොඩ ප්ර‘දේශ ආශ්රිතව සිදුවන පොලිස් පරීක්ෂණ එම බල ප්ර‘දේශ භාර සහකාර පොලිස් අධිකාරීවරුන් යටතේ සිදුකෙරෙයි.
දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළක තිබී පසුගිය 14 වැනිදා මිනිස් සිරුරක පාද යුගලයක් සොයාගනු ලැබූ අතර, 15 වැනිදා නාවල ප්ර‘දේශයේ ඇළක තිබී මිනිස් ශරීරයක අතක් හමුවිය.
පෙරේදා (17දා) දෙමටගොඩ පාසල් මාවතේ කළු පාලම අසල කසළ ගොඩක තිබී පිළිස්සුණු සිරුරක කඳ කොටසක් හමු වූ අතර, ඊයේ (18දා) පාර්ලිමේන්තුව පසුපස දියවන්නා ඔයේ තිබී අතක් නොමැති මළ සිරුරක් සොයාගනු ලැබිණි.
සියලුම ශරීර කොටස් හඳුනාගත නොහැකි ආකාරයට නරක් වී තිබෙන නිසා මළසිරුරු කොටස් එකිනෙකට සම්බන්ධයක් තිබේද යන්න සොයාගැනීමට එම කොටස්වල සාම්පල් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක්කිරීමටද නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දියවන්නා ඔයෙන් ඊයේ (18දා) සොයාගත් අතක් නොමැති මළසිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, අනෙකුත් ශරීර කොටස් කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙලෙස හමු වූ ශරීර කොටස් එම ප්ර‘දේශයේ ජීවත් වූ පුද්ගලයන්ගේද, එසේත් නොමැති නම් වෙනත් ප්ර‘දේශවලින් මෙම ප්ර‘දේශවලට ගෙනැවිත් තිබේද යන්න පිළිබඳවද ගැටලුවට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම පත්ව තිබේ.
එමෙන්ම මෙම තොරතුරු හෙළි කරගැනීම සඳහා දැනට අතුරුදන් බවට සැලකෙන හා පොලීසියට පැමිණිලි ලැබී ඇති පුද්ගලයන්ගේ තොරතුරු විමර්ශනය කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.