මිත්‍ර සංග්‍රහය කළ ද.කොරියා ජනපති දෝෂාභියෝගය අදයි
මිත්‍ර සංග්‍රහයක් කරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කළ දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි ට එරෙහි දෝෂාභියෝග යෝජනාව වෙනුවෙන් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (09දා) පැවැත්වීමට නියමිතය.
ඇය සිය පෞද්ගලික සහායිකාවක හා අගේ සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා අයුතු බලයක් ලබාදීම යන චෝදනාවන්ට ලක්ව සිටී.
මේ සිදුවීමත් සමග දකුණු කොරියානු ජනතාව ලක්ෂ ගණනින් වීදි බසිමින් ජනාධිපතිනිය වහා ඉල්ලා අස්විය යුතු බව කියා සිටියහ.
ඇය සම්බන්ධයෙන් වූ චෝදනා විභාගයට ගත් අධිචෝදකයන් පවා කියා සිටියේ සිදුව ඇති වංචාව තුළ කොරියානු ජනාධිපතිනියද ප්‍රභල භූමිකාවක් සිදුකර ඇති බවයි. නමුත්, ඇය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළාය.
මේ තත්ත්වය සමග රූපවාහිනියෙන් ජනතාව අමතමින් දෙවරක් සමාව ඉල්ලූ අතර, තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවද කීවාය. නමුත්, ඒ තීරණය තමන් සෘජුව නොව පාර්ලිමේන්තුව හරහා ගන්නා බව ඇය සඳහන් කළාය.
ඒ අනුව, අද පැවැත්වෙන දෝෂාභියෝගය ජනාධිපතිනියගේ ඉරණම තීරණය කරන්නකි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
