මුදල් උපයා ගැනිම මුලික කරගනිමින් මිත්‍යාව වපුරන්න එපා යැයි මධ්‍යයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (09දා) ප්‍රකාශ කළේය.
විද්‍යුත් මාධ්‍ය මගින් සාස්තරකරුවන්, රූපලාවන්‍ය විශේෂඥයින් යැයි කියා ගන්නා පුද්ගලයන් ගෙන්වා පවත්වන වැඩසටහන්වලදි ’ මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන්නක් ’ යනුවෙන් හෝ මෙය ඉදිරිපත් කරන්නාගේ මතය ලෙස හෝ යටින් පටියක් පළ කරනා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
එසේ නැතිනම් ජනතාව මෙය අදාළ රූපවාහිනි ආයතනයේ වැඩසටහනක් ලෙස විශ්වාස කරමින් එය විශ්වාස කිරිමට පෙළබෙන බවද ඔහු කීවේය. මේ නිසා ජ්යෝතීෂ්යවේදින් මුදලාලිලා බවට පත්ව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.