ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද (18දා) පෙරවරුවේදී ජනාධිපති කාර්යාලයේදී පැවැති නිල හමුවේදී මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමුව ඇත.
මැලේසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර ගුවන්තොටුපොළ කළමනාකරණය, මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරීන් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරීන් පුහුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍ර ඊට ඇතුළත් බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.
එසේම මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීමට මැලේසියාවේ එකඟතාව පළ කර ඇත.මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම මැඬලීමට බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන්ව තිබේ.