ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර දීර්ඝ කාලයක පටන් පවතින සබඳතා ඉදිරි වසර වල මෙම සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැලේසියාවේ පැවැති මහ මැතිවරණයෙන් ජයගත් මැලේසියානු නව අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
එසේම මහතීර් මෙහොමඩ් මහතාගේ පාලන කාලය තුළදී තවදුරටත් මැලේසියාව සෞභාග්‍ය කරා ගමන් කරනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙයි.