අධ්‍යාපනය විකිණීමට ගෙනයන වැඩපිළිවෙළ නතර කරදමා පාසල් නඩත්තුවට දෙමාපියන්ගෙන් මුදල් අය කරගැනීම වහා නවතා දමන ලෙස ඉල්ලා මේ මස 17 වන දින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ක්‍රියාකාරික කමිටුවත් මේ සඳහා සහයෝගය දක්වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව සයිටම් ආයතනය වසා දමා පාසල් නඩත්තුවට දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම නවතා දමන ලෙසත් රාජ්‍ය ආයතන විකිණීම, කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දමන ලෙසටත් මෙහිදී ආණ්ඩුවට බලකරන බවද එම සංගමය පෙන්වා දෙයි.