මැද පෙරදිගට බලපා ඇති අධික මීදුම් තත්ත්වය නිසා අද (31දා) දිනයේදිත් සාජා හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා හතරක් පෙ.. 10.00 වන විටත් ශ්‍රී ලංකාවට නොපැමිණියේය. සාජා සිට ගුවන් යානා දෙකක් හා ඩුබායි සිට ගුවන් යානා දෙකක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි. අධික මීදුම් සහිත තත්ත්වය වැඩි වශයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බලපා ඇති බවද වාරතා වෙයි.
මෙම ගුවන් යානා පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් එම යානා භාවිත කරමින් මැද පෙරදිගට ගමන් කිරීමට සිටි මගීන්ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එසේම ඩුබායි ගුවන්තොටුපොළ හරහා යුරෝපයට ගමන් කිරීමට නියමිතව සිටි මගීන් මෙහිදී දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.