සාධාරණ සහ අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා වන මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි 02 වන දින අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2017 දෙසැම්බර් මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් මෙම මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කරනු ලැබිය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලුම මාධ්‍යයන්හි යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
මේ හරහා ඉදිරියේ දී පැවැත්වෙන සියලුම මැතිවරණ සාධාරණ හා නිදහස්ව පැවැත්වීමේ එක් අංශයක් වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇති බවත් මෙය යහපාලනයේ තවත් ජයග්‍රහණයක් බවත එම නිවේදනයේ වැඩිදුරත් දැක්වෙයි.