මැතිවරණ පෙළපාළි වැළැක්වීම ASP හා OIC වගකීම
මැතිවරණ ප්රචාරක පෙළපාළි පැවැත්වීම වැළැක්වීමේ වගකීම අදාළ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා හා පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පවරා තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
යම් ලෙසකින් පෙළපාළියක් පැවැත්වුවහොත් ඒ පිළිබඳ පැය 24ක් තුළ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදිය යුතු බවට පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කළ බවද මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව පැය 24ක් තුළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා තෙක් සතියකට වරක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදිය යුතු බවටත් නියෝග නිකුත් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මැතිවරණ ප්රචාරක කටයුතු සිදුවන ආකාරයකට ආගමික පෙරහරක් හෝ පැවැත්විය නොහැකි බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


