ඊළඟ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට නොහැකිවේයැයි පීඩනයෙන් සිටින ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයට යෑමට සැරසෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.
ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් මැතිවරණය ජය ගැනිමට නොහැකිවීම නිසා වෙනත් දිස්ත්‍රික්කයකින් තරග කිරීම වැනි අරමුණ ඇතිව මෙසේ මන්ත්‍රීවරුන් විපක්ෂයට යෑමට ඉඩ ඇති බවයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් අද (07දා) ප්‍රකාශ කළේය.