ජනාධිපතිවරණය ප්රකාශයට පත්වීමෙන් අද (06දා) පෙ.ව. 6 දක්වා කාලය තුළ කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 35 ක් ලැබී තිබෙන බව එම සංවිධානය සඳහන් කරයි.
මේ අතරින් පැමිණිලි 15 ක් මැතිවරණ ප්රචණ්ඩක්රියා සම්බන්ධයෙන් බවබවද ඔවුහු පවසති.
මහනුවර, පුත්තල, කලුතර, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, ගම්පහ දිස්ත්රික්කවලින් ප්රචණ්ඩක්රියා වාර්තා වී තිබේ.
රාජ්ය දේපල අයථා පරිහරණය පිළිබඳ පැමිණිලි 17 ක් කොළඹ, ගම්පහ, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල දිස්ත්රික්කවලින් වාර්තා තිබේ.
ගිනි අවි භාවිතයෙන් සිදු වූ ප්රචණ්ඩ ක්රියා 6 ක් සම්බන්ධයෙන් හා පහරදීම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවද කැෆේ සංවිධානය වැඩිදුරටත් කියයි.