ෙමැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 532ක් ලැබීඇතැයි පොලීසිය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
මෙහිදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 35ක් ලැබීතිබෙන බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුකරන මෙහෙයුම්වලදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 68ක් වාර්තා වී තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම සිද්ධීන්වලට පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 209ක් තමන් වෙත ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
තම සංවිධානයට පැමිණිලි 114ක් ලැබී තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරන අතර, මැතිවරණ ප්රචණ්ඩක්රියා නිරීක්ෂණ මධ්යස්ථානයටපැමිණිලි 106 ක් ලැබීඇතැයිඑම සංවිධානය සඳහන් කරයි.