මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වූ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඉතාමත් කෙටි කලකින් වෙනස් කළ හැකි සරල මැතිවරණ ක්‍රමයක් සඳහා යෑමට ශ්රීලනිපය දැනට යෝජනා කර ඇති අතර ඒ සඳහා වූ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගෙන් සැදුම් ලත් කමිටුවක් පසුගියදා පත් කරන ලදී. ඒ අනුව එම යෝජනා ඉතාමත් ඉක්මනින් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.