හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මග්ගොන, පයාගල ප්‍රදේශයේදී ඔහු වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එරෙහිව ඊයේ (21දා) සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන චමිල රණසිංහ මහතාය.
ඔහු කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලට මාරුකොට යවා ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බවත් වාර්තාවේ.
මෝටර් රථයකින් පැමිණි හඳුනා නොගත් කණ්ඩායමක් රතිඤඤා පත්තු කරමින් සිටි විපක්ෂ ආධාරකරුවන් දෙසට වෙඩි තබා පලාගොස් ඇති බව කියැවෙයි.